පාස්කු ඉරිදා ප්රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම නීති විරෝධී බව පවසමින් රාජ්ය බුද්ධි සේවයේ හිටපු ප්රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ විසින් ගොනු කර ඇති රිට් පෙත්සම අද (28) යළි කැඳවීමට අභියාචනාධිකරණය නියෝග කර ඇත.
මෙම පෙත්සම ඊයේ (27) අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අතර එහිදී දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.
පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ශානි අබේසේකර ඇතුළු පාර්ශ්වයන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් මහත්මිය මෙහිදී අධිකරණය හමුවේ කරුණු පැහැදිලි කළාය.
අදාළ පෙත්සම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය, එය අද දිනයේදී යළි කැඳවීමට නියම කරන ලදී.
