2026 පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පළමු පදක්කම දිනා ගැනීමට පාලිත බණ්ඩාර අද (30) සමත්විය.

පිරිමි පැරා කවපෙත්ත විසිකිරීමේ ඉසව්වට සහභාගී වූ ඔහු, මීටර 46.84ක දුරක් වාර්තා කරමින් මෙම ජයග්‍රහණය අත්කර ගත්තේය.

මෙම දක්ෂතාව පාලිත බණ්ඩාරගේ ක්‍රීඩා දිවියේ වාර්තා වූ හොඳම පෞද්ගලික දක්ෂතාව (Personal Best) ලෙසද ඉතිහාසගත වේ.

ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේදී ශ්‍රී ලංකා නාමය ඉහළින් ඔසවා තැබූ පාලිත බණ්ඩාරගේ මෙම විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් මේ වන විට රට පුරා ක්‍රීඩාලෝලීන්ගෙන් ඔහුට ප්‍රශංසා හිමිවෙමින් පවතී.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version