1990 සුව සැරිය පදනම විසින් නවතම හදිසි වෛද්‍ය සේවාවක් ලෙස යතුරුපැදි ගිලන් රථ සේවාවක් ආරම්භ කිරීමට තීරණය කර ඇත. රථවාහන තදබදය බහුල නාගරික ප්‍රදේශවල සහ ගිලන් රථයකට පහසුවෙන් ගමන් කළ නොහැකි මාර්ගවල පවතින ගැටලු විසඳීම මෙහි මූලික අරමුණයි.

මෙම සේවාව යටතේ හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් වෙත සාමාන්‍ය ගිලන් රථයක් පැමිණීමට පෙර, පුහුණු වෛද්‍ය කාර්ය මණ්ඩලයක් යතුරුපැදි මගින් එම ස්ථානයට ළඟා වනු ඇත. ඔවුන් සතු මූලික වෛද්‍ය උපකරණ සහ ඖෂධ භාවිතයෙන් රෝගියාට අවශ්‍ය ප්‍රථමාධාර සහ මූලික වෛද්‍ය ප්‍රතිකාර කඩිනමින් ලබා දීමට නියමිතය.

මෙම ව්‍යාපෘතිය නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම වසර අවසානයට පෙර කොළඹ ඇතුළු තෝරාගත් නාගරික ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කිරීමට සුව සැරිය පදනම සැලසුම් කර ඇත.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version