විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සහ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ සහායක මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) ආසියා පැසිෆික් කලාපීය අධ්‍යක්ෂිකා කන්නි විග්නරාජා මහත්මිය අතර විශේෂ හමුවක් පසුගියදා පැවැත්විණි.

මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට එක්සත් ජාතීන්ගේ සහයෝගය ලබාගැනීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. විශේෂයෙන්ම රජයේ ඩිජිටල්කරණ වැඩසටහන සහ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ව්‍යාප්තිය පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු විය.

එමෙන්ම, දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීම සඳහා හරිත සහ නිල් බැඳුම්කර (Green and Blue Bonds) වැනි නව්‍ය මූල්‍ය විසඳුම් භාවිත කිරීමේ වැදගත්කම පිළිබඳව දෙපාර්ශවයම අදහස් හුවමාරු කර ගත්හ.

ජාතික මානව සම්පතේ කුසලතා වැඩිදියුණු කිරීම මෙන්ම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සහ සංචාරක ක්ෂේත්‍රයන්හි අනාගත සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සහයෝගය ලබාගැනීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version