සීනෝර් පදනම මගින් මෙරට නිෂ්පාදනය කරන ලද අඩි 55ක දිගකින් යුත් නවීන ධීවර යාත්‍රාවක් නිල වශයෙන් ධීවරයින් වෙත භාරදීමේ උත්සවයක් මට්ටක්කුලියේදී පැවැත්විණි.

මෙම යාත්‍රාව ‘කැප්ටන් සී ඇඩ්වෙන්චර් ඕෂෝ ෆිෂින් කෝ ඔපරේටිව් සොසයිටි’ ආයතනයේ සභාපති රමේෂ් චුළු වු මහතා වෙත භාරදීම සිදු කෙරිණි.

මෙම අවස්ථාව සඳහා අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහ සීනෝර් පදනමේ සභාපති වසන්ත මානප්පෙරුම මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

දේශීය ධීවර කර්මාන්තය නංවාලීමේ අරමුණින් මෙවැනි යාත්‍රා නිෂ්පාදනය කිරීම මගින් ධීවර ප්‍රජාවට නව තාක්ෂණය සහ පහසුකම් සහිත යාත්‍රා ලබාගැනීමේ අවස්ථාව උදාවේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version