ශ්‍රී ලංකාව බිම්බෝම්බවලින් තොර රටක් බවට පත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක ජාතික වැඩසටහන තවදුරටත් කඩිනම් කිරීමට තීරණය කර තිබේ. නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.

මෙම මෙහෙයුම් සඳහා සහභාගී වන පුහුණු හමුදා සෙබලුන් සංඛ්‍යාව 500ක් දක්වා ඉහළ නැංවීමට මෙහිදී එකඟතාව පළ විය. බිම්බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා අවශ්‍ය අනෙකුත් පහසුකම් සහ සම්පත් ප්‍රමාණවත් පරිදි ලබා දීමට ද අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබේ.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න සහ බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහනේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්වූහ.

ලොව සාර්ථකම බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන් අතර ශ්‍රී ලංකාවේ මෙම වැඩසටහන කැපී පෙනෙන බවත්, ඉදිරි වසර කිහිපය තුළ රට බිම්බෝම්බවලින් මුදවා ගැනීමට සියලු පාර්ශ්වයන්ගේ කැපවීම අත්‍යවශ්‍ය බවත් මෙහිදී අවධාරණය කෙරිණි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version