අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණය අරමුණු කරගනිමින් දිවයින පුරා පොලීසිය විසින් දෛනිකව ක්‍රියාත්මක කරනු ලබන විශේෂ සෝදිසි මෙහෙයුම් මාලාවක ප්‍රතිඵලයක් ලෙස සැකකරුවන් විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කරන පරිදි, පසුගිය 08 වන දින සිදුකළ මෙහෙයුම්වලදී පුද්ගලයින් 33,024 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇත. එම පරීක්ෂාවන් අතරතුර විවිධ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 437 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නිලධාරීන් පියවර ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පිරිස අතර අපරාධවලට සෘජුව සම්බන්ධ පුද්ගලයින් 15 දෙනෙකු සහ විවෘත වරෙන්තු ලබා සිටි පුද්ගලයින් 135 දෙනෙකු සිටින බව පොලිස් මාධ්‍ය අංශය පවසයි.

එමෙන්ම රථවාහන වැරදි සම්බන්ධයෙන් ද දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇත. ඒ අනුව බීමත්ව රිය පැදවූ පුද්ගලයින් 65 දෙනෙකු සහ අපරික්ෂාකාරීව රිය පැදවූ පුද්ගලයින් 68 දෙනෙකු පොලිස් භාරයට ගෙන තිබේ. මීට අමතරව, අනෙකුත් රථවාහන වැරදි සිදුකළ පුද්ගලයින් 4,189 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන ඇත.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version