අදට (09) යෙදී ඇති ජාත්‍යන්තර ලෝක ආදිවාසී දිනය නිමිත්තෙන් මෙරට ආදිවාසී ජනතාවගේ සාම්ප්‍රදායික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගත් නව රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.

මෙම නව රෙගුලාසි මගින් ජාතික උද්‍යාන සහ ආරක්ෂිත ප්‍රදේශ තුළ ආදිවාසී ප්‍රජාව සිදුකරන සාම්ප්‍රදායික ජීවනෝපාය කටයුතු නියාමනය කිරීම සහ පාරිසරික පද්ධතීන් ආරක්ෂා කිරීම අපේක්ෂා කෙරේ.

විශේෂයෙන්ම මාදුරුඔය සහ ගල්ඔය ජාතික උද්‍යාන ආශ්‍රිතව ජීවත් වන ආදිවාසී ජනතාවට මෙතෙක් එම රක්ෂිත ප්‍රදේශ වෙත ඇතුළු වීමේදී මතුව තිබූ ගැටලු මෙමගින් විසඳෙනු ඇත. ඒ අනුව, ඉදිරියේදී කිසිදු බාධාවකින් තොරව සිය සාම්ප්‍රදායික ඇවතුම් පැවතුම් සහ ජීවනෝපාය කටයුතු පවත්වාගෙන යාමට ඔවුන්ට අවස්ථාව උදාවනු ඇත.

“ආදිවාසී සංස්කෘතියේ වෙනස්කම් පිළිබඳව තීරණ ගැනීමට ආදිවාසී තරුණ තරුණියන් නියෝජිතයින් ලෙස හඳුනාගැනීම” මෙවර ජාත්‍යන්තර ආදිවාසී දිනයේ තේමාව වී තිබේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version