ආරුගම්බේ ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස මත්පැන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (10) රාත්‍රියේ ලැබුණු බුද්ධි තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ. සැකකරු සන්තකයේ තිබී බියර් කෑන් 408ක් සහ විවිධ වර්ගයේ මත්පැන් බෝතල් 36ක් සොයා ගැනීමට නිලධාරීන් සමත් විය.

මෙම මත්පැන් තොගයේ වටිනාකම රුපියල් 420,000ක් පමණ වන බව ගණන් බලා ඇත. ආරුගම්බේ සංචාරක කලාපයට පැමිණෙන විදේශිකයන් ඉලක්ක කර ගනිමින් ඇතැම් පිරිස් මෙලෙස නීතිවිරෝධී ලෙස මත්පැන් අලෙවි කරන බවට තොරතුරු ලැබී තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරු සහ පොලිස් භාරයට ගත් මත්පැන් තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොතුවිල් පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version