ලග්ගල පොලිස් වසමේ තෝරපිටිය හන්දිය ප්‍රදේශයේදී ඊයේ (10) සිදු වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පුද්ගලයෙකු ඝාතනයට ලක්ව ඇති බව පොලිසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මා ඔය, ගම්මාන අංක 01 ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි වියේ පසු වූ පුද්ගලයෙකි.

මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මියගිය පුද්ගලයා සහ ඔහුගේ බෑනා අතර පැවති පවුල් ආරවුලක් හේතුවෙන් මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි. සැකකරු විසින් තියුණු ආයුධයක් භාවිතා කරමින් මෙම පහරදීම සිදුකර ඇත.

ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා රෝහල්ගත කිරීමට පියවර ගත්තද, ඒ වන විටත් ඔහු මියගොස් සිටි බව වෛද්‍යවරුන් තහවුරු කර තිබේ.

සැකකරු සිද්ධියෙන් පසු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා ලග්ගල පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version