2026 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (10) දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2532කදී ආරම්භ කෙරිණි. මෙම විභාගය සැප්තැම්බර් මස 05 වැනිදා දක්වා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු සංවිධානය කර ඇත.

පවතින කාලගුණික තත්ත්වයන් පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන බවත්, ඉදිරියේදී නිකුත් වන කාලගුණ අනාවැකි අනුව අවශ්‍ය වුවහොත් පමණක් විභාග කාලසටහනේ වෙනස්කම් සිදු කිරීමට පියවර ගන්නා බවත් බලධාරීන් පවසයි. කෙසේ වෙතත්, දැනට පවතින තත්ත්වය අනුව විභාගය නියමිත පරිදි පැවැත්වෙනු ඇත.

විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම පසුගිය 04 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ අතර, විභාගය සම්බන්ධයෙන් යම් ගැටලුවක් හෝ පැමිණිල්ලක් ඇත්නම් ඒ සඳහා පහසුකම් සලසා ඇත.

සිසුන්ට සහ දෙමාපියන්ට ඒ සඳහා විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංකය වන 1911 ඇමතීමට හෝ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවේ 0112784208 සහ 0112784537 යන දුරකථන අංක ඔස්සේ සම්බන්ධ විය හැකිය. මීට අමතරව පොලිස් මූලස්ථානය (0112421111) හෝ පොලිස් හදිසි ඇමතුම් අංකය (119) වෙත ද දැනුම් දිය හැකි බව සඳහන් වේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version