ශ්‍රී ලාංකේය ක්‍රිකට් ඉතිහාසයේ ස්වර්ණමය සන්ධිස්ථානයක් වන 1996 ලෝක කුසලාන ජයග්‍රහණය පාදක කරගනිමින් ක්‍රියාත්මක වන නව නිවාස ව්‍යාපෘතියක් වන ’96 Legends Square’ හි පයිලින් කටයුතු ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවය බත්තරමුල්ල, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටි ව්‍යාපෘති පරිශ්‍රයේදී පැවැත්විණි.

විල්ස් රියල්ටර්ස් (Wills Realtors) සමාගම විසින් මෙහෙයවනු ලබන මෙම ව්‍යාපෘතිය, ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙන දුන් ක්‍රීඩා ඉතිහාසය සහ නවීන නාගරික ජීවන රටාව එකට යා කරන අද්විතීය සංකල්පයක් ලෙස හැඳින්විය හැකිය.

මෙම සමාරම්භක අවස්ථාව සඳහා 1996 ලෝක කුසලාන දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග මහතා ඇතුළු ක්‍රීඩකයින් පිරිසක්ද, ව්‍යාපෘති උපදේශකයින් සහ ආරාධිතයින් රැසක්ද එක්ව සිටීම විශේෂත්වයකි.

මෙම ගොඩනැගිල්ලේ ශක්තිමත් පදනම සඳහා යොදා ගන්නා පයිල් (Piles) සංඛ්‍යාව 96 කි. එය 1996 ලෝක කුසලාන ජයග්‍රහණය සංකේතවත් කරමින් නිර්මාණය කර ඇති අතර, ගොඩනැගිල්ලේ සෑම නේවාසික තට්ටුවක්ම අදාළ ජයග්‍රාහී කණ්ඩායමේ ක්‍රීඩකයකුගේ නමින් නම් කිරීමට නියමිතය.

මහල් 46 කින් යුතුව ඉදිකෙරෙන මෙම දැවැන්ත කුළුණෙහි කාමර 2, 3 සහ 4 කින් සමන්විත සුඛෝපභෝගී නිවාස මෙන්ම පෙන්ට්හවුස් ද ඇතුළත් වේ. මීට අමතරව පීනුම් තටාක, ව්‍යායාම ශාලා, සුපිරි වෙළඳසැල් සහ ආරක්ෂක සේවාවන් ඇතුළු අතිනවීන පහසුකම් රැසකින් ද මෙම නිවාස සංකීර්ණය සමන්විත වනු ඇත.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version