බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ඉලක්ක කර ගනිමින් ඝාතන සැලසුමක් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ සැකකරුවෙකු සහස්පුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මොහු බඩෝවිට ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අයෙකු බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘කොස් මල්ලි’ නැමැත්තාගේ උපදෙස් පරිදි මෙම ඝාතන සැලසුම දියත් කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ. සැකකරු සන්තකයේ තිබී සොයාගත් ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී, ඔහු සහ කොස් මල්ලි අතර සිදුකර ඇති සංවාදවල හඬපට ද පොලිස් භාරයට ගෙන ඇත.

පොලිස් තොරතුරු අනුව, මෙම සැකකරු නව මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාවයක් ඇතිවීමට දින තුනකට පෙර ඇප මත මුදා හැර සිටි අයෙකි. ඔහු එම බන්ධනාගාර සිද්ධියේදී මියගිය සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මොහොමඩ් අස්මාන්ගේ සමීපතමයෙකු බව ද හෙළිවී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් සහස්පුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version