ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට ආධාර අනුබල දුන් බවට සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින ඉෂාරා සෙව්වන්දි බන්ධනාගාරය වෙත රැගෙන එන අවස්ථාවේ ඇය සතුව තිබූ සංචාරක ගමන් මල්ල බන්ධනාගාර භාරයට ගෙන ඇත.

ඇය මේ වන විට අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින අතර, එහි සිටින සෙසු සැකකාරියන් සමඟ ඇය රඳවා ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත්, බන්ධනාගාරය තුළ ඇය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඇති අතර, ඇයට සෙසු රැඳවියන් සමඟ වැඩි ඇසුරක් පැවැත්වීමට ඉඩ නොදෙන ලෙස පියවර ගෙන ඇති බවද සඳහන් වේ.

මේ අතර, බන්ධනාගාරය තුළ සිටින අනෙකුත් රැඳවියන් ඉෂාරා සෙව්වන්දි පිළිබඳව දැඩි උනන්දුවකින් පසු වන බවද වාර්තා වේ. කාන්තාවන් බන්ධනාගාරගත කිරීමේදී මාංචු දැමීමක් සිදු නොවන බැවින්, එම ක්‍රියාවලිය සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණයක් සිදු නොකරන බවද වැඩිදුරටත් වාර්තා වේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version