විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින නේවාසිකාගාර ගැටලුවට විසඳුම් ලබාදෙමින් නව නේවාසිකාගාර 55ක් ඉදිකිරීමේ ජාතික ව්‍යාපෘතියක් රජය විසින් ආරම්භ කර ඇත.
මෙම ව්‍යාපෘතියේ ප්‍රථම නේවාසිකාගාරය ඉදිකිරීමේ කටයුතු වවුනියාව විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී ආරම්භ කිරීමට නියමිතය.
එම සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු 22 වන දින පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මෙම ව්‍යාපෘතිය හරහා විශ්වවිද්‍යාල සිසුන්ට අවශ්‍ය නේවාසිකාගාර පහසුකම් පුළුල් කිරීම සහ ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා වඩාත් හිතකර පරිසරයක් නිර්මාණය කිරීම රජයේ අපේක්ෂාවයි.
