පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව, තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට එරෙහිව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් ගොනු කර ඇති පෙත්සම පිළිබඳව අභියාචනාධිකරණය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙම පෙත්සමට අදාළව ගොනු කර ඇති අතරමැදි පෙත්සම් විභාගයට ගැනීම සඳහා නොතිසි නිකුත් කරන්නේ ද නැද්ද යන්න පිළිබඳ තීරණය ලබන ඔක්තෝබර් මස 07 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය දන්වා ඇත.
අදාළ අතරමැදි පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම තීරණයට එළඹිණි. පූජ්‍ය බෙන්ගම්බුවේ නාලක හිමියන් ඇතුළු මහා සංඝරත්නය සහ අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ඇතුළු පාර්ශ්ව දොළහක් විසින් මෙම අතරමැදි පෙත්සම් අධිකරණය හමුවේ ගොනු කර තිබුණි.
