අද දිනට යෙදී ඇති ශුද්ධ වූ මුහම්මද් නබිතුමන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් විවිධ ආගමික වැඩසටහන්වල නිරත වෙමින් සිටිති.
මුහම්මද් නබිතුමන්ගේ ඉගැන්වීම්වල හරය ලෙස සැලකෙන්නේ සහෝදරත්වය, අන්‍යෝන්‍ය අවබෝධය සහ එකිනෙකාට උපකාර කිරීමයි. සාධාරණත්වය සහ මානව සමාජය තුළ ගුණධර්ම වර්ධනය කරමින් අවිහිංසාවාදී දර්ශනයක් සමාජගත කිරීම එතුමන්ගේ අරමුණ විය.
මිනිසත් බව වෙනුවෙන් නබිතුමන් සිදුකළ කැපකිරීම් සිහිපත් කරමින් ලොව පුරා මුස්ලිම් ප්‍රජාව අද දින විශේෂ ආගමික වතාවත්වල නිරත වෙති.
