කොළඹ ඇතුළු තදබදය අධික නාගරික ප්‍රදේශවල මෙට්‍රෝ බස් රථ සේවාව පුළුල් කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව, අලුතින් බස් රථ 121ක් සේවයට එක් කිරීමට සැලසුම් කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කළේය.
මෙම ව්‍යාපෘතිය බස් රථ 10කින් ආරම්භ කළ අතර, එය සාර්ථක ප්‍රවාහන සේවාවක් ලෙස ඉදිරියට පවත්වාගෙන යාමට රජය අපේක්ෂා කරයි. මගී ජනතාවට වඩාත් පහසු සහ කාර්යක්ෂම ගමන් පහසුකම් සැලසීම මෙහි මූලික අරමුණයි.
මෙම වැඩසටහන කොළඹින් ඔබ්බට ව්‍යාප්ත කරමින් ලබන වසරේ සිට ගාල්ල, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවලද මෙට්‍රෝ බස් සේවාව ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.
කොළඹ මෙට්‍රෝ බස් ව්‍යාපෘතිය යටතේ බස් නැවතුම්පොළ 240ක් හඳුනාගෙන ඇත. එම නැවතුම්පොළවලදී මගීන්ට තම පෞද්ගලික වාහන හෝ යතුරුපැදි ආරක්ෂිතව නවතා තබා, මෙට්‍රෝ බස් රථ මගින් ගමනාන්තය කරා යාමට අවශ්‍ය පහසුකම් සැලසීමටද පියවර ගෙන තිබේ.
