පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක කුඹුරු ඉඩම් විශාල ප්‍රමාණයක් හානියට පත්ව ඇති බව කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

එම මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංහආරච්චි මහතා සඳහන් කළේ, මේ වන විට අක්කර 8,000කට අධික කුඹුරු ප්‍රමාණයක වගාවන් නියඟය හේතුවෙන් විනාශ වී ඇති බවයි.

හානියට පත් වගාවන් පිළිබඳ නිවැරදි තක්සේරුවක් ලබා ගැනීම සඳහා මේ වන විටත් නිලධාරීන් කණ්ඩායම් ක්ෂේත්‍ර මට්ටමින් කටයුතු කරමින් සිටින බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

අගතියට පත් ගොවීන් සඳහා වන්දි ගෙවීමේ කටයුතු කඩිනම් කරන ලෙස විෂය භාර අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දී ඇති බවද වාර්තා වේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version