නේපාලයේ රාසුවා ප්‍රදේශයේ භෝටේ කෝෂි ගංගාවේ හදිසි ගංවතුර තත්ත්වයක් ඇතිවීමත් සමඟ, එම ප්‍රදේශයේ සිරවී සිටින ජනතාව මුදාගැනීම සඳහා නේපාල හමුදාව විසින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර ඇත.

පසුගිය 26 වන දින රාත්‍රියේ සිටම හමුදා කණ්ඩායම් 11ක් යොදවා ගොඩබිම් මාර්ග ඔස්සේ සෙවුම් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති අතර, තිමුරේ ප්‍රදේශයේ සිරවී සිටින පිරිස් ගුවන් මගින් ආරක්ෂිත ස්ථාන වෙත රැගෙන ඒමට කටයුතු යොදා තිබේ.

මෙම මෙහෙයුම් සඳහා හමුදා නිලධාරීන් 1,600කට අධික පිරිසක් මේ වන විටත් යොදවා ඇත. හමුදා සහ පෞද්ගලික හෙලිකොප්ටර් යානා භාවිතයෙන් මේ වන විටත් පුද්ගලයින් විශාල පිරිසක් මුදාගෙන ඇති අතර, තවත් පිරිසක් උමං මාර්ගවල සිරවී සිටින බව වාර්තා වේ.

ගංවතුරින් පීඩාවට පත් ජනතාවට අවශ්‍ය කූඩාරම්, වෛද්‍ය උපකරණ, ආහාර සහ පානීය ජලය හෙලිකොප්ටර් මගින් බෙදා හැරීමට ද පියවර ගෙන ඇත. අතිරේක හමුදා කණ්ඩායම් ද සූදානම් කර ඇති අතර, සහන කටයුතු අඛණ්ඩව සිදු කෙරේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version