නේපාලයේ උද්ගතව ඇති වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ අමාත්‍ය විජිත හේරත් මහතා සහ නේපාල විදේශ කටයුතු අමාත්‍ය ෂිසීර් ඛානාල් මහතා අතර විශේෂ දුරකථන සංවාදයක් අද (27) පැවැත්විණි.
මෙම දුෂ්කර අවස්ථාවේදී නේපාලයට අවශ්‍ය සහන සහ සහයෝගය කඩිනමින් ලබාදීම පිළිබඳව මෙහිදී දෙපාර්ශවයම අවධානය යොමු කළහ. ඒ අනුව, දෙරටේම ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන හරහා සමීප සම්බන්ධීකරණයකින් යුතුව කටයුතු කිරීමට දෙරටේම එකඟතාව පළ විය.
මෙම සම්බන්ධීකරණය ඔස්සේ නේපාලයට අවශ්‍ය කරන විශේෂිත සහන සැලසීම් පිළිබඳව කඩිනම් තීරණ ගැනීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ සමීපතම මිතුරෙකු සහ අසල්වැසියෙකු වන නේපාලය වෙනුවෙන් ඕනෑම මොහොතක සිය නොසැලෙන සහයෝගය ලබාදීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බව අමාත්‍ය විජිත හේරත් මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.
