මාදම්පේ පොලිස් වසم තුළ සිදු වූ බාලවයස්කාර දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 20 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ 13 හැවිරිදි දැරියකි.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු බිංගිරිය, හිරුවැල්පොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අනාවරණය වී ඇති තොරතුරු අනුව, අපයෝජනයට ලක් වූ දැරියගේ පියා මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටින අතර, විදේශගතව සිටි ඇගේ මව පසුගිය මස 01 වැනි දින යළි දිවයිනට පැමිණ ඇත.

මව විදේශගතව සිටි කාලය තුළ දැරිය සිය මිත්තණිය, පුංචි අම්මා සහ සහෝදර සහෝදරියන් සමඟ එකම නිවසේ ජීවත් වී තිබේ. විමර්ශනවලදී හෙළි වී ඇත්තේ සැකකාර තරුණයාද එම නිවසේම ඔවුන් සමඟ වාසය කර ඇති බවය.

නිවසේ කිසිදු අයෙකු නොමැති අවස්ථාවලදී සැකකරු තමන්ට නිරන්තරයෙන් ලිංගික අතවර කළ බව දැරිය මෙරටට පැමිණි මවට හෙළි කර ඇත. ඒ අනුව මව විසින් කරන ලද පැමිණිල්ලක් මත පොලිසිය වහාම ක්‍රියාත්මක වී පරීක්ෂණ ආරම්භ කර තිබේ.

අතවරයට ලක් වූ දැරිය වැඩිදුර වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හලාවත මහා රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත යොමු කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරු හලාවත මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, මාදම්පේ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version