කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් පළතුරු වගාකරුවන් සඳහා නව රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට පියවර ගෙන ඇත. මෙමගින් වගා කටයුතුවලදී ගොවීන් මුහුණ දෙන විවිධ අවදානම් තත්ත්වයන් ආවරණය කිරීමට අපේක්ෂා කෙරේ.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කර ඇති අන්නාසි, පැපොල් සහ කෙසෙල් වැනි පළතුරු භෝග සඳහා මෙම රක්ෂණාවරණය ලබා ගැනීමේ අවස්ථාව හිමිවේ. මූලික රක්ෂණ වටිනාකමින් 7%ක මුදලක් වාරිකයක් ලෙස ගෙවීමෙන් ගොවීන්ට මෙම පහසුකම ලබා ගත හැකිය.
ස්වාභාවික විපත්, රෝග සහ පළිබෝධ හානි මෙන්ම වනඅලි ආක්‍රමණ හේතුවෙන් සිදුවන වගා හානි සඳහා ද මෙම රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ වන්දි හිමිවේ. හානියක් සිදුවූ අවස්ථාවකදී වගා කරන ලද අක්කරයක් සඳහා රුපියල් ලක්ෂ 3ත් 4ත් අතර වන්දි මුදලක් ගෙවීමට නියමිතය.
ගොවීන්ගේ වගා කටයුතු ආරක්ෂා කිරීම සහ ඔවුන් එම ක්ෂේත්රය තුළ තවදුරටත් රඳවා ගැනීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.
