2026 සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට (GCFSS) සමගාමීව හිටපු එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් මහතා සහ අග්‍රාමාත්‍යවරිය අතර විශේෂ හමුවක් සිදුවිය.

මෙම හමුවේදී දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීම සහ පාරිසරික වෙනස්වීම්වලට අනුවර්තනය වීමේ හැකියාව ශක්තිමත් කර ගැනීම පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කෙරිණි.

එමෙන්ම කඩොලාන පරිසර පද්ධති ආරක්ෂා කිරීම සහ ඒවා ප්‍රතිස්ථාපනය කිරීමේ වැදගත්කම පිළිබඳවද දෙපාර්ශවයේම අවධානය යොමු විය.

තිරසාර කෘෂිකාර්මික ක්‍රමවේදයන් ප්‍රවර්ධනය කිරීම සහ ඒ සඳහා අන්තර්ජාතික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී විශේෂ අවධානයක් යොමු වූ බව වාර්තා වේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version