රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය විසින් සංවිධානය කරන ලද ‘කෘෂිකර්මය සහ පරිසරය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය’ (ISAE 2026) පසුගියදා කොළඹදී සාර්ථකව පවත්වා තිබේ. ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නවීන තාක්ෂණය සහ ඩිජිටල්කරණය වෙත යොමු කිරීමේ අරමුණින් මෙම වැඩසටහන දියත් කෙරිණි.

මෙම අවස්ථාව සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා සහ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නියෝජිතයින්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ පර්යේෂකයින් රැසක් එක්ව සිටියහ.

සම්මන්ත්‍රණය අමතමින් අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කළේ, ජල කළමනාකරණය සහ විද්‍යාත්මක බීජ භාවිතය වැනි නවීන ක්‍රමවේද ඔස්සේ කෘෂිකර්මාන්තයේ ප්‍රායෝගික පරිවර්තනයක් සිදුකළ යුතු බවයි. රජය, පෞද්ගලික අංශය සහ විශ්වවිද්‍යාල පද්ධතිය එක්ව ක්‍රියාත්මක කළ හැකි ව්‍යාපෘතිවල වැදගත්කම ඔහු මෙහිදී අවධාරණය කළේය.

එමෙන්ම, පොහොර තාක්ෂණය සම්බන්ධයෙන් පවතින විද්වත් මතවාදයන් රටට වඩාත් සුදුසු ක්‍රමවේදයක් සකසා ගැනීමට ඉවහල් වන බවත්, රජය ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය සහාය ලබා දීමට සූදානම් බවත් අමාත්‍යවරයා පැවසීය. පසුගිය කාලසීමාවේදී පොහොර අර්බුදයේදී පෞද්ගලික අංශය ලබා දුන් සහයෝගය ද ඔහු මෙහිදී අගය කළේය.

රාජ්‍ය, පෞද්ගලික සහ විද්‍යාත්මක අංශ ඒකාබද්ධ කරමින් පැවැත්වූ මෙම හමුව, ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අනාගතය වෙනුවෙන් ගත් වැදගත් පියවරක් ලෙස සැලකේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version