රට තුළ පවතින ගල් අඟුරු හිඟය හේතුවෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාරයන් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.

ලක්විජය බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. රටේ විදුලි සැපයුම කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විටත් සූදානම් කර ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

එමෙන්ම, 2026 සහ 2027 වර්ෂ සඳහා අවශ්‍ය ගල් අඟුරු ආනයනය කිරීමේ කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බවද අමාත්‍යවරයා මෙහිදී තහවුරු කළේය. එබැවින් විදුලි කප්පාදුවක් පිළිබඳ පැතිර යන අසත්‍ය තොරතුරු විශ්වාස නොකරන ලෙස බලශක්ති අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටී.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version