ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් යාපනය, කුඩරප්පු වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීතිවිරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරුවන් රාත්‍රී කාලයේදී නීතිවිරෝධී කිමිදුම් කටයුතුවල නිරතවී මෙම මුහුදු කූඩැල්ලන් අල්ලාගෙන ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. අත්අඩංගුවට ගත් පිරිස වයස අවුරුදු 51 ත් 56 ත් අතර පසුවන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
සැකකරුවන් සන්තකයේ තිබී මුහුදු කූඩැල්ලන් 673 ක්, ඔවුන් ගමන් කළ යාත්‍රාවක් සහ ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන්, මුහුදු කූඩැල්ලන් තොගය සහ අනෙකුත් උපකරණ ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට නාවික හමුදාව පියවර ගෙන තිබේ.
