75 වැනි ලෝක රූ රැජින තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්වූ ප්‍රතිභා ලියනාරච්චි, තරගාවලිය නිමාවීමෙන් අනතුරුව තමා ලැබූ අත්දැකීම් පිළිබඳව සිය මුහුණුපතෙහි සංවේදී සටහනක් තබා ඇත.

ජයග්‍රහණය තමාට අහිමි වුවද, රට වෙනුවෙන් ගත් උත්සාහය සහ තමාට ලැබුණු ප්‍රතිචාර පිළිබඳව ඇය සිය සතුට පළ කර තිබේ. “මම මගේ රට නියෝජනය කළේ සමබරතාවයෙන්, කරුණාවෙන් සහ ආඩම්බරයෙන්. මා රැගෙන ගිය අරමුණේ සිට මා බෙදාගත් පණිවිඩය දක්වා සෑම කුඩා විස්තරයක්ම මම නියෝජනය කළා,” යනුවෙන් ඇය සඳහන් කරයි.

තවද, තමාට සහයෝගය දැක්වූ සියලුම ශ්‍රී ලාංකිකයන් වෙත ස්තූතිය පළ කරන ඇය, තරගාවලිය අතරතුර ප්‍රේක්ෂකයන් තමාගේ නම උච්චාරණය කළ අවස්ථාවන් තමාට විශාල ජයග්‍රහණයක් වූ බව පවසයි. අභියෝග හමුවේ පසුබට නොවී ඉදිරියට යාමේ වැදගත්කම අවධාරණය කරන ඇය, අනාගතයේදී ලෝක රූ රැජින තරගයට එක්වීමට බලාපොරොත්තුවෙන් සිටින තරුණියන් වෙතද දිරිගන්වන සුළු පණිවිඩයක් ලබා දී ඇත.

ප්‍රතිභා ලියනාරච්චිගේ මෙම කැපවීම සහ ඇය දැක්වූ දක්ෂතා පිළිබඳව බොහෝ දෙනෙකු ඇයට ප්‍රශංසා කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වා තිබේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version