එළඹෙන 2026/27 මහ කන්නයේ වී වගා කටයුතු විධිමත් ලෙස ආරම්භ කිරීම සහ එය සාර්ථක කරගැනීම පිළිබඳ පූර්ව සාකච්ඡාවක් පසුගියදා (08) ගොවිජන මන්දිරයේදී පැවැත්විණි.

මෙම සාකච්ඡාවේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී ඇති තාක්ෂණික පැකේජය සහ නියමිත කාලයට වගා කිරීමේ ක්‍රමවේදය අනුගමනය කිරීමේ වැදගත්කම පිළිබඳව විශේෂ අවධානය යොමු කෙරිණි. අදාළ නිර්දේශවලට අනුකූලව ගොවීන් දැනුවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සහ අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

එමෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ජාතික පොහොර ලේකම් කාර්යාලය ඇතුළු අදාළ ආයතන නියෝජනය කරමින් ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාව සඳහා සහභාගී වූහ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version