ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කරනු ලැබූ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන රංජිත් කුමාර හෙවත් ‘කොණ්ඩ රංජි’ අද (09) උදෑසන දිවයිනට රැගෙන ඒමට නියමිත බව වාර්තා වේ.

සැකකරු ඉතාලිය බලා පලායාමට උත්සාහ දරමින් සිටියදී පසුගිය ජනවාරි මස 09 වැනිදා ඩුබායි බලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. එම අවස්ථාවේදී ඔහු සමඟ සිටි ඔහුගේ බිරිඳ සහ දරුවන් ද අත්අඩංගුවට ගෙන පසුව මුදාහැර තිබුණි.

මෙම පුද්ගලයා හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයාගේ ඝාතනය ඇතුළු සංවිධානාත්මක ඝාතන රැසකට සම්බන්ධ බවට පොලිසිය සැක පළ කරයි. ඔහු දිගු කලක් තිස්සේ නීතියේ රැහැනින් බේරී සැඟව සිටි අයෙකි.

ශ්‍රී ලංකා ආරක්ෂක අංශ සහ ඩුබායි ආරක්ෂක අංශ අතර පවතින අන්‍යෝන්‍ය සහයෝගීතාවය මත මෙම සැකකරුව මෙරටට රැගෙන ඒම සඳහා කටයුතු සූදානම් කර තිබුණි. ඔහු දිවයිනට පැමිණීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ අදාළ අංශ වෙත භාර දෙනු ඇත.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version