බටහිර පිලිපීනයේ පලවාන් දූපතට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී ‘එම්වී ජූන් ඇස්ටරයේ’ (MV June Aster) නෞකාවේ හදිසියේ ඇති වූ ගින්නක් හේතුවෙන් බරපතල ඛේදවාචකයක් වාර්තා වේ. ඊයේ (09) රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති අතර, මේ වන විට පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් ඇති බව තහවුරු වී තිබේ.

පිලිපීන වෙරළාරක්ෂක බලකාය සඳහන් කරන පරිදි, අනතුර සිදුවන අවස්ථාවේ නෞකාවේ මගීන් 117 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 17 දෙනෙකු ගමන් කරමින් සිට ඇත. ගින්නෙන් පසු සිදුකළ මුදවා ගැනීමේ මෙහෙයුම්වලදී පුද්ගලයින් 43 දෙනෙකු බේරා ගැනීමට හැකි වී තිබේ.

කෙසේ වෙතත්, තවමත් 80කට අධික පිරිසක් අතුරුදහන්ව සිටින බව බලධාරීන් පවසයි. මේ වන විටත් අතුරුදහන් වූවන් සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර, ඉදිරි පැය කිහිපය තුළ මෙම සංඛ්‍යාලේඛන වෙනස් විය හැකි බව වෙරළාරක්ෂක ප්‍රකාශක කොමදෝරු නොමි කයාබියාබ් මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

ගින්න හට ගැනීමට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැත. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව බලධාරීන් වැඩිදුරටත් සඳහන් කරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version