පිලිපීනයේ සංචාරක නගරයක් වන කොරොන් වෙත ගමන් කරමින් තිබූ ‘MV June Aster’ නෞකාවේ හදිසියේම ගින්නක් හටගෙන තිබේ. මෙම අනතුර සිදුවන අවස්ථාවේ නෞකාවේ මගීන් සහ කාර්ය මණ්ඩලය ඇතුළු 134 දෙනෙකු ගමන් කරමින් සිටි බව එරට වෙරළාරක්ෂක බලකාය තහවුරු කරයි.

ගින්නෙන් පසුව නෞකාව මුහුදේ ගිලී ගොස් ඇති අතර, මේ වන විට සිදුකළ මෙහෙයුම්වලදී පුද්ගලයින් 43 දෙනෙකු බේරා ගැනීමට බලධාරීන් සමත්ව ඇත. කෙසේ වෙතත්, තවත් 86 දෙනෙකු පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති බවත් ඔවුන් අතුරුදන්ව සිටින බවත් වාර්තා වේ.

අනතුරින් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් ඇති බව තහවුරු වී තිබේ. අතුරුදන්වූවන් සෙවීමේ සහ බේරා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව පිලිපීන බලධාරීන් පවසයි.

දූපත් රාශියකින් සමන්විත පිලිපීනයේ නිතර නිතර සමුද්‍ර අනතුරු වාර්තා වුවද, මෑත කාලීනව එරට සිදුවූ දරුණුතම නෞකා අනතුර ලෙස මෙය සැලකේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version