යේමනයේ රතු මුහුදු වෙරළ තීරයේ සමස්ත පාලනය හූති සටන්කාමීන් විසින් තම නතු කරගෙන ඇති බව වාර්තා වේ. පසුගිය දින කිහිපය තුළ දියත් කළ දැවැන්ත හමුදා මෙහෙයුම් හමුවේ යේමන රජයේ ආරක්ෂක අංශ එම ප්‍රදේශවලින් පසුබැසීමට සිදුවිය.

මෙම මෙහෙයුම්වල ප්‍රතිඵලයක් ලෙස රතු මුහුදේ ප්‍රධාන වෙළෙඳ මධ්‍යස්ථානයක් වන මොඛා වරාය නගරය හූතිවරුන්ගේ පාලනයට නතු විය. මීට අමතරව, රතු මුහුදේ දකුණු ද්වාරය ලෙස සැලකෙන බබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධියේ පිහිටි තීරණාත්මක පෙරින් දූපතද ඔවුන් විසින් අත්පත් කරගෙන ඇත.

හූතිවරුන්ගේ මෙම වේගවත් ඉදිරියට ඒම වැළැක්වීමේ අරමුණින් සෞදි අරාබිය විසින් මොඛා වරාය සහ ගුවන් තොටුපොළ ඉලක්ක කර ගනිමින් දැඩි ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කරමින් පවතී. හනීෂ් සහ සූකර් දූපත් සමූහයේ බලයද මේ වන විට හූති සටන්කාමීන් සතු වී තිබේ.

කලාපයේ පවතින මෙම නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් යේමනයේ වැසියන් 46,000කට අධික පිරිසක් අවතැන් වී ඇති බව ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානය නිවේදනය කරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version