ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව, කොළඹ වරායට පැමිණි ඉන්දීය නාවික හමුදාවට අයත් ‘උදයගිරි’ නෞකාවේදී විශේෂ පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කර තිබුණි.

මෙම උත්සවය ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කර තිබූ අතර, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතා ඇතුළු පිරිසක් ඊට එක්වූහ.

උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කම්කරු අමාත්‍ය සහ මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා සහභාගී විය. ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා විසින් පැමිණි ගෞරවනීය අමුත්තන් පිළිගනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ ඉන්දීය ආරක්ෂක දූත පිරිස ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වී සිටියහ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version