ලෝක හෘද සම්මේලනය (World Heart Federation) විසින් ප්‍රකාශයට පත් කරන ලද ලෝක හදවත් දිනය අද (සැප්තැම්බර් 29) දිනට යෙදී ඇත. ලොව පුරා වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන රෝගී තත්ත්වයන් අතර හෘද රෝග ප්‍රමුඛස්ථානයක් ගනී.

මෙම දිනය සැමරීමේ ප්‍රධාන අරමුණ වන්නේ හෘද රෝග සහ ආඝාතය වැනි රෝගී තත්ත්වයන් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සහ ඒවා වළක්වා ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව සමාජය තුළ සංවාදයක් ඇති කිරීමයි.

මෙවර ලෝක හදවත් දිනය සඳහා “Don’t Miss a Beat” යන තේමාව යොදාගෙන තිබේ. හෘද සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීම තුළින් සිදුවිය හැකි අකල් මරණ අවම කර ගැනීම මෙම වැඩසටහන් මගින් අපේක්ෂා කෙරේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version