ජපානය තුළ පදිංචි වීමට අපේක්ෂා කරන විදේශිකයන් සඳහා වන වීසා සහ පදිංචි ගාස්තු අද සිට ඉහළ නංවා ඇති බව වාර්තා වේ. මෙම තීරණයත් සමඟ මීට පෙර යෙන් 10,000ක් ලෙස පැවති ස්ථිර පදිංචි ගාස්තුව යෙන් ලක්ෂ දෙකක් දක්වා 20 ගුණයකින් ඉහළ ගොස් ඇත.

නව ප්‍රතිපත්තියට අනුව, මීට පෙර ස්ථාවරව පැවති යෙන් 6,000ක ගාස්තුව වෙනුවට, ලබා දෙන වීසා කාලසීමාව මත පදනම්ව ගාස්තු අය කිරීමට බලධාරීන් තීරණය කර තිබේ. මීට අමතරව, ස්ථිර පදිංචිය බලාපොරොත්තු වන අය සඳහා නව ආදායම් මට්ටම්, විශ්‍රාම වැටුප් සහ ජපන් භාෂා දැනුම සම්බන්ධ අනිවාර්ය අවශ්‍යතා ද හඳුන්වා දී ඇත.

වේගයෙන් වර්ධනය වන විදේශීය ජනගහනය කළමනාකරණය කිරීමේ අරමුණින් ජපන් රජය මෙම පියවර ගෙන තිබේ. පසුගිය වසර අවසානය වන විට ජපානයේ විදේශීය නේවාසික ජනගහනය මිලියන 4.12 ඉක්මවා ගොස් ඇති අතර, එය පෙර වසරට වඩා 9.5%ක වැඩිවීමකි.

මෙම ගාස්තු ඉහළ දැමීම අගමැතිනි සානේ ටකයිචිගේ ආගමන ප්‍රතිපත්තියේ කොටසක් ලෙස ක්‍රියාත්මක වේ. ගාස්තු වැඩිවීමට පෙර දිනවල ටෝකියෝ ආගමන කාර්යාංශය ඉදිරිපිට අයදුම්කරුවන්ගේ දිගු පෝලිම් දක්නට ලැබුණු බව ද වාර්තා විය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version