වර්තමානයේ ප්‍රධාන අභියෝගයක් බවට පත්ව ඇති මාර්ගගත මූල්‍ය වංචා මැඩලීම සඳහා ශ්‍රී ලංකාව සහ චීනය අතර ඒකාබද්ධ සහයෝගීතා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති වයි හුවාෂියැන්ග් මහතා අතර පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම එකඟතාවයට පැමිණ තිබේ. මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී මෙම හමුව පැවැත්විණි.

දෙරට අතර පවතින දීර්ඝකාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සහ මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත සහයෝගිතා වැඩසටහන් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

විශේෂයෙන්ම අන්තර්ජාලය හරහා සිදුවන මූල්‍ය වංචා පාලනය කිරීම සඳහා දෙරටේ ඒකාබද්ධ දායකත්වයෙන් ගත යුතු ඉදිරි පියවරයන් පිළිබඳව දෙපාර්ශ්වයේම අවධානය යොමු විය.

මෙම අවස්ථාව සඳහා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මහතා ද එක්ව සිටියේය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version