අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් නිකුත් කළ නවතම එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් කැපී පෙනෙන දියුණුවක් ලබා ගැනීමට සමත්ව ඇත.

එංගලන්ත කණ්ඩායම සමඟ පැවති එක්දින තරගාවලියේදී දැක්වූ විශිෂ්ට දස්කම් හේතුවෙන් ඔහු ශ්‍රේණිගත කිරීම්හි 7 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණියේය. මෙය ඔහුගේ එක්දින ක්‍රිකට් දිවියේ වාර්තා වූ ඉහළම ශ්‍රේණිගත ලකුණු සංඛ්‍යාව වන 674ක් ලෙස සටහන් වේ.

කෙසේ වෙතත්, මෙම නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව චරිත් අසලංක 15 වන ස්ථානය දක්වාත්, පැතුම් නිස්සංක 19 වන ස්ථානය දක්වාත් පසුබැස තිබේ.

මේ අතර, ඉන්දීය නායක ශුබ්මන් ගිල් එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ රැඳී සිටින අතර, විරාත් කෝලි එහි දෙවන ස්ථානයට පත්ව ඇත.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version