පේරාදෙණියේ සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ කඩිනම් දුම්රියක් අද (05) අලුයම් කාලයේදී පීලි පැනීමට ලක්ව ඇත.

ගඟොඩ සහ කඩිගමුව දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පසුගිය දිනවල පැවති වැසි සහිත කාලගුණය හේතුවෙන් දුම්රිය මාර්ගයට පස් කඳු සහ ගල් පෙරළීම නිසා මෙම අනතුර සිදුව ඇති බවට බලධාරීන් අනාවරණය කරයි.

පීලි පැනීම හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති අතර, මේ වන විට දුම්රිය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇත.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version