නව සංස්කෘතික මිනිසෙක් බිහි කිරීමේ අරමුණින් සංවිධානය කරනු ලබන ‘දක්ෂිණ පුනරුද’ සාහිත්ය කලා මහෝත්සවය එළඹෙන ඔක්තෝබර් 09 සහ 10 යන දෙදින තුළ ගාල්ල මහා නගර සභා පරිශ්රයේදී පැවැත්වීමට නියමිතය.
දකුණු පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්යාංශය සහ ‘ගාලු සහෘදයෝ’ සංවිධානය එක්ව මෙම වැඩසටහන දියත් කරයි. සාහිත්යයට සහ කලාවට ලැදි ජනතාව වෙනුවෙන් විවිධ අංග රැසක් මෙහිදී දැකගත හැකිය.
මෙම මහෝත්සවය තුළ සාහිත්ය ප්රදර්ශන කුටි, චිත්ර හා මූර්ති ප්රදර්ශන, කෙටි චිත්රපට දැක්ම, ජන ගී සහ ජනකලා දැක්ම මෙන්ම අංගම්පොර සංදර්ශන ද ඇතුළත් වේ. මීට අමතරව සංගීත සහ නර්තන ප්රසංග ද පැවැත්වීමට නියමිතය.
එමෙන්ම ‘විකෘති’ සහ ‘සිංදුකාර කවිනලුව’ යන වේදිකා නාට්ය ද්විත්වය ද මෙහිදී වේදිකාගත කෙරේ. මෙම සියලුම කලා සංස්කෘතිකාංග නැරඹීම සඳහා මහජනතාවට කිසිදු ගාස්තුවකින් තොරව නොමිලේ සහභාගී වීමට අවස්ථාව සලසා දී ඇත.
කලාවට සහ සංස්කෘතියට ඇලුම් කරන සියලුම දෙනා මෙම අවස්ථාවට එක්වන ලෙස සංවිධායක මණ්ඩලය ආරාධනා කර සිටියි.
