අද (07) අලුයම තිරප්පනේ පොලිස් වසමේ ඒ 09 මාර්ගයේ ගල්කුලම ප්‍රදේශයේදී බරපතල රිය අනතුරක් සිදුවිය.

නිකවැරටියේ සිට අනුරාධපුරය බලා ධාවනය වෙමින් තිබූ පුද්ගලික බස් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ ගසක ගැටී මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් බස් රථයේ ගමන් ගත් පිරිමි පුද්ගලයින් 12 දෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන් වහාම අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. තිරප්පනේ පොලිසිය විසින් අනතුරට හේතුව සොයා වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version