ශ්රී ලංකාවේ අපනයන ආර්ථිකය නව මානයකට යොමු කිරීමේ අරමුණින්, අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) නව උපදේශක කමිටු සාමාජිකයන් වෙත පත්වීම් ප්රදානය කිරීම පසුගියදා කොළඹ ‘ද ග්රෑන්ඩ් මේට්ලන්ඩ්’ හෝටලයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට සමගාමීව 2025 වසර සඳහා වන අපනයන කාර්යසාධන දර්ශක (Export Performance Indicators 2025) එළිදැක්වීම ද සිදු කෙරුණු අතර, වත්මන් රජයේ ආර්ථික ප්රතිපත්තියට අනුකූලව ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) වඩාත් කාර්යක්ෂමව ක්රියාත්මක කිරීම මෙහි මූලික අරමුණයි.
දේශීය ව්යවසායකයන්ට ගෝලීය වෙළඳපොළ ජයගැනීම සඳහා අවශ්ය පසුබිම සකස් කිරීම මෙම නව උපදේශක කමිටු හරහා අපේක්ෂා කෙරේ. එමගින් අපනයන ක්ෂේත්රය වඩාත් තරගකාරී සහ විනිවිදභාවයකින් යුතුව පවත්වාගෙන යාමට රජය සහ අපනයන සංවර්ධන මණ්ඩලය සැලසුම් කර ඇත.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ‘ශ්රී ලංකා එක්ස්පෝ 2027’ ජාත්යන්තර ප්රදර්ශනය ඉලක්ක කරගනිමින් දේශීය නිෂ්පාදනවල ගුණාත්මකභාවය ඉහළ නැංවීමට ද මෙම වැඩසටහන් මගින් දායකත්වය ලැබෙනු ඇත.
මෙම උත්සවය සඳහා අමාත්යාංශ ලේකම් තිලකා ජයසුන්දර, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ, අධ්යක්ෂ ජෙනරාල් එරන්දික දිසානායක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
