එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරි සඳහා හයිටි රාජ්ය වෙත පිටත්ව යාමට නියමිත ශ්රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ ශ්රී ලංකා පොලීසියේ නිලධාරීන් 185 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සඳහා උපදෙස් ලබා දීම සහ සුබ පැතුම් පිරිනැමීම පසුගියදා පොලිස්පති ප්රියන්ත වීරසූරිය මහතාගේ ප්රධානත්වයෙන් සිදු කෙරිණි.
කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බලකා පුහුණු පාසලේදී මෙම උත්සවය පැවැත්වුණු අතර, එහිදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් පොලිස්පතිවරයා වෙත අභිමානවත් සම්මාන පෙළපාලියක් පිරිනමනු ලැබීය. නිලධාරීන් අමතමින් පොලිස්පතිවරයා ඔවුන්ගේ රාජකාරි කටයුතු පිළිබඳව වටිනා උපදෙස් ලබා දුන් අතර, ඔවුන් දිරිමත් කරමින් සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.
මෙම නිලධාරීන් කණ්ඩායම කණ්ඩායම් තුනක් යටතේ හයිටි රාජ්ය බලා පිටත්ව යාමට නියමිතය. ඉන් කණ්ඩායම් දෙකක් මේ මස තුළදීත්, අනෙක් කණ්ඩායම ලබන නොවැම්බර් මාසයේදීත් දිවයිනෙන් පිටත්වීමට නියමිත බව වාර්තා වේ.
මෙවර සාමසාධක මෙහෙයුම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 174 දෙනෙකු සහ පොලිස් වෛද්ය කොට්ඨාසයේ වෛද්යවරුන් දෙදෙනෙකු ඇතුළු සෙසු පොලිස් නිලධාරීන් 11 දෙනෙකු අයත් වේ. විවිධ නිලයන් නියෝජනය කරන මෙම පිරිසට පොලිස් අධිකාරිවරයෙකු, සහකාර පොලිස් අධිකාරිවරුන් තිදෙනෙකු සහ කාන්තා නිලධාරිනියන් ඇතුළු පිරිසක් ඇතුළත් වේ.
