රාජ්ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ, විශ්රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා අද (06) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇත.
සලේ මහතා ප්රතිකාර ලබමින් සිටි කොළඹ ජාතික රෝහලේ වෛද්යවරුන් දස දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් විසින්, ඔහුට රෝහලෙන් පිටව යා හැකි බව අද දින කොළඹ මහේස්ත්රාත් අධිකරණයට දැනුම් දෙනු ලැබීය.
මෙම වෛද්ය වාර්තාව සැලකිල්ලට ගනිමින් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, අදාළ වෛද්ය නිර්දේශය මත සුරේෂ් සලේ මහතා වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයට ගැනීමට කටයුතු කරන බවයි.
ඒ අනුව, රෝහල් ප්රතිකාර අවසන් කරමින් ඔහු අද පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ගොස් තිබේ.
