ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත (විශ්‍රාමික) මහතා අද (ඔක්තෝබර් 07) කොළඹ වරායට පැමිණි ඇමරිකානු නාවික හමුදාවට අයත් USS Tulsa (LCS 16) නෞකාව වෙත විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

මෙම නෞකාව ශ්‍රී ලංකාව සමඟ පවතින සුහද සබඳතා වර්ධනය කර ගැනීම සහ නෞකාවේ මෙහෙයුම් කටයුතු සඳහා අවශ්‍ය සැපයුම් ලබා ගැනීම අරමුණු කරගනිමින් කොළඹ වරායට සේන්දු විය.

නෞකාව වෙත පැමිණි ආරක්ෂක ලේකම්වරයාව USS Tulsa නෞකාවේ අණදෙන නිලධාරිවරයා සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී ඩේවිඩ් මයර්ස් මහතා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා යුද හමුදාපති, ගුවන් හමුදාපති, ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ඇතුළු ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම ඇමරිකානු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයා සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version