එංගලන්ත මහ බැංකුව විසින් එරට මුදල් නෝට්ටු සඳහා සතුන්ගේ රූප ඇතුළත් කිරීමට තීරණය කර තිබේ. ස්වභාවධර්මය කෙරෙහි ඇති අවධානය යොමු කරමින් සහ වඳවී යන සතුන් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.

මෙම නව මුදල් නෝට්ටු මාලාව සඳහා ඇට්ලන්ටික් පෆින් (Atlantic puffin), බාන් බකමූණා (barn owl), බෆ්-ටේල්ඩ් බඹරා (buff-tailed bumblebee) සහ යුරෝපීය හෙජ්ජෝග් (European hedgehog) යන සතුන් සිව්දෙනාගේ රූප ඇතුළත් කිරීමට නියමිතය.

එංගලන්ත මහ බැංකුව පවසන පරිදි, මෙම ප්‍රතිනිර්මාණය කරන ලද නව මුදල් නෝට්ටු මේ වසර තුළදීම භාවිතයට එක් කිරීමට කටයුතු යොදා ඇත. කෙසේ වෙතත්, කුමන මුදල් නෝට්ටුව සඳහා කුමන සත්ත්වයාගේ රූපය මුද්‍රණය කරන්නේද යන්න පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරු අනාවරණය කර නොමැත.

ස්වභාවික පරිසරය ආරක්ෂා කිරීමේ වැදගත්කම ලොවට කියාපෑමට මෙම නව මුදල් නෝට්ටු මාලාව ඉවහල් වනු ඇතැයි එංගලන්ත බලධාරීන් අපේක්ෂා කරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version