මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති ආරක්ෂක තත්ත්වය හේතුවෙන් කොළඹ සහ රියාද් අතර ක්රියාත්මක ගුවන් ගමන් වාර කිහිපයක් අවලංගු කිරීමට ශ්රී ලංකන් ගුවන් සේවය තීරණය කර තිබේ.
ඒ අනුව, අද දින කොළඹ සිට රියාද් බලා පිටත්වීමට නියමිතව තිබූ UL265 ගුවන් ගමන සහ හෙට දින රියාද් සිට කොළඹ බලා පැමිණීමට නියමිතව තිබූ UL266 ගුවන් ගමන මෙලෙස අවලංගු කර ඇත.
ගුවන් මගීන්ගේ ආරක්ෂාව සහ කලාපයේ පවතින තත්ත්වය පිළිබඳව දැඩි අවධානය යොමු කරමින් මෙම තීරණය ගත් බව ගුවන් සේවා ආරංචි මාර්ග පවසයි. ගුවන් ගමන් යළි ආරම්භ කරන දිනයක් පිළිබඳව ඉදිරියේදී දැනුම් දෙනු ඇත.
