දෙමළ සිනමා නළු විජේ විසින් ආරම්භ කරන ලද ‘තමිලග වෙට්රි කලගම්’ (TVK) පක්ෂය තමිල්නාඩුවේ පැවති අතුරු මැතිවරණ දෙකකදී විශිෂ්ට ජයග්රහණයක් අත්කර ගෙන ඇත.
මධුරාන්තගම් මැතිවරණ කොට්ඨාසයේදී එම පක්ෂයේ අපේක්ෂිකා මරගතම් කුමාරවේල් ඡන්ද 74,048ක් ලබා ගනිමින් ජයග්රහණය කර තිබේ. එසේම, තාරාපුරම් මැතිවරණ කොට්ඨාසයේදී පී. සත්යභාමා ඡන්ද 66,841ක් ලබා ගනිමින් සිය ජයග්රහණය තහවුරු කර ගත්තාය.
මෙම මැතිවරණ ජයග්රහණයත් සමඟ තමිල්නාඩු ප්රාන්ත සභාව තුළ තමිලග වෙට්රි කලගම් පක්ෂයේ මන්ත්රී ආසන සංඛ්යාව 109 දක්වා ඉහළ ගොස් ඇත.
විජේ දේශපාලනයට පිවිසීමෙන් පසු ඔහුගේ පක්ෂය ලැබූ මෙම ජයග්රහණය දේශපාලන විශ්ලේෂකයන්ගේ අවධානයට ලක්ව ඇති අතර, ඉදිරි මැතිවරණවලදී පක්ෂයේ බලපෑම තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
