ඉදිරි රජයේ අයවැය හරහා රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට තීරණය කර ඇති බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේය. කුරුණෑගල ප්‍රදේශයේදී බැංකු හා මූල්‍ය ආයතනවල නිලධාරීන් හමුවූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙම අයවැය යෝජනා මගින් රාජ්‍ය සේවකයන්ට අමතරව විශ්‍රාමිකයන් සඳහා ද සහන රැසක් ලබා දීමට නියමිත බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම පොලිස් නිලධාරීන් වෙනුවෙන් විශේෂ අවදානම් දීමනාවක් හඳුන්වා දීමටත්, ඔවුන්ගේ රාජකාරි කටයුතු පහසු කිරීම සඳහා විද්‍යුත් යතුරුපැදි ලබා දීමටත් පියවර ගන්නා බව ඔහු අවධාරණය කළේය.

රට තුළ සිදුවන පාතාල ක්‍රියාකාරකම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම සඳහා රජය මේ වන විටත් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් සිටින බව ද අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version