සෞදි අරාබියේ අගනුවර වන රියාද් හි පිහිටි කිං කාලිඩ් ජාත්යන්තර ගුවන් තොටුපළ ඉලක්ක කර ගනිමින් යළිත් වරක් ප්රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ. ගුවන් තොටුපළ පරිශ්රය තුළ විශාල පිපිරීමක් සිදුවීමත් සමඟ එම ස්ථානය වහාම ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.
ප්රහාරයෙන් පසු ගුවන් තොටුපළ වෙත ගිලන්රථ විශාල සංඛ්යාවක් ගමන් කරනු දක්නට ලැබුණු බව ඇසින් දුටු සාක්ෂිකරුවන් උපුටා දක්වමින් ජාත්යන්තර මාධ්ය වාර්තා කරයි. කෙසේ වෙතත්, සිදුවීම සම්බන්ධයෙන් සෞදි බලධාරීන් මෙතෙක් නිල ප්රකාශයක් නිකුත් කර නොමැත.
ආරක්ෂක හේතූන් මත ඔක්තෝබර් 18 වන දින දක්වා සියලුම ගුවන් ගමන් අත්හිටුවීමට පියවර ගෙන ඇත. ගුවන් මගීන්ට තම ගුවන් ගමන් වාරයන් පිළිබඳව අදාළ ගුවන් සේවා ආයතනවලින් තහවුරු කර ගන්නා ලෙස දැනුම් දී තිබේ.
පසුගිය දින කිහිපය තුළ යේමනයේ හවුති කැරලිකරුවන් විසින් එල්ල කරන ලද ප්රහාරවලින් පුද්ගලයින් කිහිප දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමඟ කලාපයේ උණුසුම්කාරී තත්ත්වයක් නිර්මාණය වී ඇත. සෞදි අරාබිය සහ හවුති කැරලිකරුවන් අතර පවතින ගැටුම් උත්සන්න වීම මෙම ප්රහාර මාලාවට ප්රධාන හේතුව වී තිබේ.
